

ඔබේ ජයග්‍රහණ ගැන අපේ රටේ බොහෝ දෙනෙක් මවිතයට පත් වී සිටිති. කාන්තාවන්ගේ සාම්ප්‍රදායික භූමිකාවෙන් මිදී හොඳ පෞරුෂයකින් යුතුව දැන උගත් කුල කුමරියක් ලෙසින්,මෙරට කාන්තාවට වගකිවයුතු වටිනා චරිතයක් බවට පත්විය හැකි බව ඔබ ඔප්පු කර ඇත. ඔබේ යහපත් ආකල්ප සහ ප්‍රායෝගික වැඩසටහන් මම බෙහෙවින් අගය කරමි. විශේෂයෙන්, කාන්තාවක් ලෙසින් කාන්තාවන්ටම ආවේණික ගැටළු සාකච්ඡා කරමින්, පාසල් දරුවන් ඇතුළු මුළු සමාජයම දැනුවත් කිරීම යහපත් ක්‍රියාවකි. සංස්කෘතික බැදීම් මත පීඩා විදින කාන්තා ප්‍රශ්න වලට විසඳුම් සෙවීම සඳහා අගමැතිතුමිය ප්‍රමුඛ රජයේ අනුග්‍රහය පැතීමෙන් ඔබ තුළ ඇති අවංක කැපිවීම පෙන්නුම් කරයි.ඔබට හොඳ වැඩසටහනක් තිබේ. අනාගතය සඳහා ඔබට හොඳ දැක්මක් තිබේ. ඒ සඳහා අවශ්‍ය අධ්‍යාපනික දැනුම, උනන්දුව සහ කැපවීම මෙන්ම ඔබේ පවුල් පරිසරය ඊට සහය දෙයි. මුළු මහත් ජාතියම එකට එක්වී ඔබව මැණිකක් මෙන් රැකබලා ගන්නා බව මට විශ්වාසයි. ඔබට මිනිස් සමාජයේ යහපත සඳහා වැඩ කළ හැකියි. ලොව පුරා දුක් විදින දහස් ගණනක් කාන්තාවන් වෙනුවෙන් විශිෂ්ට සේවයක් කිරීමට දෙවියන් වහන්සේ ඔබට මෙම අවස්ථාව නිසැකවම ලබා දෙනු ඇත. ඔබ වැනි උතුම් දියණියක් ඇති දැඩි කර මාතෘභූමියට තිළිණ කළාවු දෙමාපියන්ටත් මුළු මහත් ශ්‍රී ලාංකික ජාතියම කෘතඥ වනු ඇත. ඔබට ඒකාන්ත වශයෙන්ම ජයග්‍රහණය හිමිවේවා. උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා. දෙවිවරු ඔබට ආශිර්වාද කර ඔබව ආරක්ෂා කරත්වා. රෙජිනෝල්ඩ් කුමාරසිරි මහරගම, කොළඹ, ශ්‍රී ලංකාව
