gayan1995@MissWorld profile image
May 30, 2025

ලෝක රූ රැජිණ වගේ තරඟ ගැන මීට කලින් ලංකාවෙ මේ තරමට කතාබහක් ඇතිවෙලා නෑ. ලෝක රූ රැජිණ ගැන කතාබහක් වෙද්දි මට මතක් වෙන්නෙම අයිශ්වර්‍යාව. එතනින් එහාට ඉංදියාවෙන් උනත් ලෝක රූ රැජිණන් කිහිපදෙනෙක් බිහි උනත් සදාකාලිකවම මගෙ හිතේ හිටපු ලෝක රූ රැජිණ අයිශ්වර්‍යා. ප්‍රියංකා චොප්‍රා, ලාරා දත්තා වගේ අය ඊට පස්සෙ ඉංදියාවෙන් බිහි උන ලෝක රූ රැජිණන් උනාට කවදාවත් අයිශ්වර්‍යාට සසඳන්නවත් මගේ මනසේ ඉන්න ලෝක රූ රැජිණව අයින්කරන්නවත් එයාලට පුළුවන් උනේ නෑ. නමුත් අනුදි ඒක කරා. ලංකාවෙ ලෝක රූ රැජිණ තරගෙට මීට කලින් ගිය අයවත් මම දැනගෙන හිටියෙ නෑ. අඩුම තරමින් බියුටි පැජන්ට්ස් වලට ලංකාවෙන් යන අය ගැන තිබුන සිතුවිල්ලත් අනුදි වෙනස් කරා. ලස්සන සහ අධ්‍යාපනය දෙකම සමබරව තියන ලංකාවෙ සාමාන්‍ය මධ්‍යම පාන්තික ජනතාව නියෝජනය කරන අනුදි බහුතර ලාංකික ජනතාවගෙ බියුටි පැජන්ට්ස් ගැන තිබුන සිතුවිල්ල වෙනස් කරා. ඒ අතරේ විවේචනය කරපු අයත් හිටියා. දරුණු විවේචන තිබුනා. නමුත් බහුතරය සහයෝගය දක්වපු නිසා මල්ටිමීඩියා වටයෙන් දෙවෙනි ස්ථානය ලබාගෙන කියලා දැක්කා. සුබ පැතුම් ලස්සන ලමයෝ. තවම තරඟය ඉවර නෑනෙ. ඉදිරියටම යන්න වාසනාව ලැබෙන්න කියලා නිල් මානෙල් මලට ආදරයෙන් සුබ පතනවා ❤️ ©️නිල්මිණි සමන්තිලක 30/05/2025

#anudi

5
Comments
anonymous profile image
Powered by RoundtableBuilt on infrastructure designed for real-time media. Learn more at RTB.io.© Roundtable 2026. By using this site you agree to the Terms of Use and Privacy Policy