Powered by Roundtable
Vishmisrilanka@MissWorld profile image
Vishmisrilanka
May 15, 2025

72 වන ලෝක රූ රැජිණ තරඟාවලියේ සමාරම්භක උත්සවයේදී අපේ රූ රැජිණ Anudi Gunasekara , ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ලෝකෙටම පෙන්වපු අවස්ථාව තමයි මේ. අලංකාර ලාලිත්‍යවත් ගමනකින් පසු ආයුබෝවන් කියා ලෝකෙටම ආචාර කළ ඇය ලා දම් පැහැ චාම් එහෙත් සුන්දර ඔසරියකින් සහ ආභරණ වලින් සැරසී සිටියා. ඇය හැඳ සිටි මේ ඇඳුම අහම්බෙන් තේරූවක් නෙමෙයි, ඒ පිටිපස ලොකු කථාවක් තිබෙනවා.... අනුදි මේ ඇඳුම තෝරාගන්නේ හේතු තුනකටයි. 1. ලංකාවේ ජාතික පුෂ්පය වන මානෙල් මල සංකේතවත් කිරීමට. 2. ලංකාවේ පළමු රූ රැජිණ වන මානෙල් ඉලංගකෝන්ට උපහාරයක් විදිහට. 3. ඔසප් දරිද්‍රතාවය තුරන් කිරීමට අනුදි විසින් ඇරඹූ සහේළි පදනමේ වර්ණය නියෝජනය කිරීමට (20 වන සියවසේ සිට කාන්තා අයිතිවාසිකම් නිරූපණය කරන්න දම් පැහැය අන්තර්ජාතිකව භාවිතා වෙනවා).