අපි උයන කෑමක් රස වෙන්නේ ඒකට ඕනෙ කලමනා වැටුනාට ම නෙමෙයි, අපි උයන කෑමක් රස වෙන්න නම් ඒකට හරි පදමට කලමනා දාන්න ඕනේ, ඒ විතරක් මදි, හරි පරිසර තත්වයක් යටතේ හරි ආදරෙන් ඒ කෑම එක හදන්න ඕනේ, එතකොටයි ඒ කෑම එක රසයෙන් වගේම ගුණයෙන් පරිපූර්ණ බවට පත් වෙන්නේ...ඒ වගේම තමයි පරිපූර්ණ වෙච්ච් මනුස්සයෙක් නිර්මාණය වෙන්නත් උගත්කම, රූමත්කම, බුද්ධිමත්කම, ධෛර්යවන්තකම යන මේ ගුණාංග හැම දෙයක්මත් එක්කම මනුස්සකම කියන දේ, නොඅඩුව තියෙන්න ඕනේ. ඉතිං, මේ සැරේ ශ්‍රී ලංකාවෙන් මිස් වර්ඩ් තරඟයට ගිය අනුදි ගුනසේකර කියන පොඩි කෙල්ල ඒ වගේ හරියාකාර අංගසම්පූර්ණ කෙනෙක්... අපේ කතාවේ කතා නායිකාව අනුදිව මං දන්නේ එයා පොඩි කාලේ ඉඳලා, පොඩි කාලේ ඉඳලම අනිත් ගෑණු ළමයි අතරින් කැපිල පේන පෞර්ෂයක් තිබ්බ අනුදි හරිම කරුණාවන්ත, සුහඳශීලී කෙනෙක්, පවුල් පසුබිමෙන්ම නිරහංකාර චරිතයක් උන අනුදි ගැන කියද්දි එයාගේ අම්මා ගැන කියන්නෙ නැතුව මේ කතාව සම්පූර්ණ වෙන්නේ නෑ, මොකද දිස්නා අක්කා කියන්නෙ සමාජයක ඉන්න විෂමාකාර මිනිස්සු අතරේ ඉන්න පරිපූරණ කෙනෙක් කිව්වොත් මං 1000% හරි, එයා හරිම ආදරණීය කෙනෙක්. එහෙම නොවන කෙනක්ට කවදාවත් තව කෙනෙක් ලස්සන කරන්නත් බෑ, තව කෙනෙක්ගේ ලස්සනක්, දකින්නත් බෑ...ඒ වගේම අනුදිගේ තාත්තත් රටට ලොකු සේවයක් කරන ගුණගරුක මනුස්සකමින් පිරුන කෙනෙක්, අනුදිගේ මල්ලීත් නංගීත් ඇත්තටම හරිම ආදරණීයයි. ඒ කාලේ අනුදිගේ අත්තම්මාත් හිටියා, අත්තම්මා එක්ක වචනයක් කතා කලාම හිත නිවෙනවා... මේ පවුල ඇත්තටම මිනිස්සුන්ගෙ හිත් නිවන හරි මායාකාර පවුලක්....කියලා තමයි මෙයාලගේ පවුල ආශ්‍රය කරපු පළවෙනි දවසෙම මට දැනුනේ .... ඒවගේම ලෝකයෙන් ම රැජින වෙන්න අනුදි යන ගමනේ දී දැන් අපි අතරේ නැතත් අත්තම්මා තමයි අනුදිගේ ලොකුම විශ්වාසය. ඒ වගේම, අනුදිගේ සීයාත් අනුදිගේ පුංචි ශිරෝමිත් ඇයගේ පවුලේ හැමෝමත් මේ ගමනේදී අනුදිට ලොකු හයියක් උනා කියලා මං කියන්නේ හරිම ආඩම්බරයෙන්.... අනුරාධපුර මධ්‍යමහා විද්‍යාලයෙන් ඉගෙන ගත්ත අනුදි කැළණිය විශ්වවිද්‍යාලයෙන් අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳ විශේෂ උපාධිය සම්පූර්ණ කළා, ඒ අතරේ තමයි අනුදි සහේලිට දාපු පදනම ස්ථාවර කරන්නේ... සහේලී කියන්නේ රටේ ඔසප් දරිද්‍රතාව අඩු කරන්න අනුදි කරපු සෑහෙන ලොකු වැඩක්... මේකෙ දී රට තුල අඩු ආදයම් ලබන පවුල්වල ඉන්න ඔසප් දරිද්‍රතාවය තියන ඉස්කෝලේ යන වයසේ ඉන්න ගෑනු ලමයි ලොකු පිරිසකට හොදම යාලුවෙක් වෙන්න අනුදිට පුලුවන් උනා.... ඒ විතරක් නෙමෙයි වනවාසී මෙහෙණින් වහන්සේලාට ද මේ පදනමෙන් ලොකු උපකාරයක් කරන්න අනුදිට පුලුවන් උනා...මං දකින්නේ ඒක ව්‍යාපෘතියකට එහා ගිය මහා පිනක්... කොහොම උනත් අනුදි ගැන කියන්න ගියොත් එයා කිරුළ අරන් ලංකාවට එනකන්ම දේවල් මට කියන්න පුලුවන්. ඒතරමට එයා ගැන, එයාගේ පවුල ගැන කතා කරන්න අවුරුදු ගානක දේවල් මගේ මතකේ තියනව... ඉතිං කෙටියෙන් කියන්නම්....."අනුදි ගුණසේකර" කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "රැජිනක්" 👸🏻 රුහුනි විජේනායක🧡

