• Powered by Roundtable
    Buddhi Sampath
    Buddhi Sampath
    May 30, 2025, 11:59

    ශ්‍රී ලාංකාව ඉහළටම ගෙන යන, අපේ රූ රැජිණගේ කතාව... 👸🇱🇰❤️👑💃🏻 ─────────────────────────────── අනුදි ගුණසේකර 72 වෙනි Miss World තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතාවයන් දක්වන්න සමත් වෙලා තියෙනවා. තරගකාරියන් 108 ක් සහභාගි වෙන මෙම තරගාවලියේ අන්තිම 40 ට ඍජුව තේරෙන්න තිබ්බ අභියෝගතා අංශවලදී අනුදි පෙන්වපු දක්ෂතා තමයි මේ. 🎯 Talent Challenge මෙහිදී අනුදිගේ නර්තනය ගැන බොහෝ දෙනෙක් කතා කළා. ඇයට මෙහිදී අවසන් 24 දෙනාට (ආසියා සහ ඕෂනියා කලාපයේ අවසාන 5 ට) එන්න පුළුවන් වුණා. 🎯 Head-to-Head Challenge මෙහිදී "ආර්තව දරිද්‍රතාවය" ගැන අනුදි කරපු කතා දෙක ගැනම බොහෝ ප්‍රශංසා ලැබුණා. ඇයට මෙහිදී අවසන් 20 දෙනාට (ආසියා සහ ඕෂනියා කලාපයේ අවසාන 5 ට) එන්න පුළුවන් වුණා. 🎯 Multimedia Challenge මේ තියෙන්නේ අපි හැමෝම ඇප්වලින් වෝට් කර කර මහන්සි වුණ වැඩේ. ඇයට මෙහිදී අවසන් 8 දෙනාට (ආසියා සහ ඕෂනියා කලාපයේ දෙවෙනියට) එන්න පුළුවන් වුණා. මේ වන විට කෙලින්ම අවසන් 40 දෙනාට යන අවස්ථා සියල්ලම අවසන්. ඒත් ආසියා සහ ඕෂනියා කලාපයේ තවත් ස්ථාන 6 ක් ඉතිරි වෙලා තියෙනවා. අනුදිට බොහෝ වෙලාවට එතන අවස්ථාවක් තියෙයි. අපි හැමෝම අනුදිට සුභ පතමු ඉදිරියට යන්න ලැබෙන්න කියලා. . . . . ©️ උපුටා ගැනීම 🌷 විකුම් හර්ෂණ සොයුරාගෙන්

    Image