
දක්ෂ ක්‍රීඩකයෙක් , බෝල හයටම පහර දෙන්නේ නැ. හොඳටම සුවර් නම් හයේ හතරේ පහර එල්ල කරයි.ට්‍රිප් කැච් බලාපොරොත්තුවෙන් දාන බෝල වලට පහර නොදී නිදැල්ලේ යවා විකට් එක බේරගන්න උනන්දු වෙයි.එවැනි දක්ෂ පිතිකරුවකු මෙන් නොසැලී ධෛර්යයෙන් ඉලක්කය වෙත හඹා යන්න පුතේ. මෙවැනි අවස්ථාවලදී මිතුරන් වේශයෙන් පැමිණෙන සැබෑ සතුරන් හඳුනාගන්න. සියලු දෙනාම විශ්වාස කරන්න එපා දුර්ජනයා ගුණවතාට ඊර්ෂ්‍යා කරන බව සිහි තබා ගන්න. අපට ලැබුණු මේ මහාර්ඝ නිල් මැණික ලක් මාතාව දිවි පුදා වුවද සුරකින බව මට විශ්වාසයි. මේ පුංචි කෙල්ල මගේ හිතට කොච්චර වැදුනද කියනවා නම්, මගේ හදවතේ ගැඹුරුම තැන ඔබට හිමි වි ඇත එහි වෙනසක් නැත. ඔබ මගේ ආදරණීය දියණියයි. හැමදාටම.එතෙරුවන් සරණයි දෙවි රැකවරණයි.
