

අනුදි, මගේ රටේ කුමරිය, හින්දු වංශ කථාවලට අනුව ශිව දෙවියන් විසින් මායිම් සලකුණු කළ කඳු තුන ලෙස සැලකෙන කලේෂ්වරම්, ශ්‍රී ශෛලම් සහ වෙරළබඩ ආන්ද්‍රාහි ද්‍රක්ෂරාමම්වලට මායිම්ව පිහිටි බැවින් තෙ-ලිංග හෙවත් තෙලංඟනා නම් ලද ඒ තෙළිඟු ජනයාගේ භූමිය මත අපේ රටේ නාමය බබළවන්නට ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව නො අඩුව ලැබේවා.! ලෝක රූ රැජින අවසන් මහා තරඟයේ ජයග්‍රහණය කෙසේ සිදුවනවාදැයි දෙවියන් දැනටමත් තීරණය කර ඇති. ඒ කෙසේ වුවත් ඔබ දැනටමත් අපේ ශ්‍රී ලාංකික හදවත්වල රැජින වී අවසන්. ලැබීම්, නොලැබීම්, වැටීම්, දිනීම්, ප්‍රතික්ෂේප වීම්, විවේචන, ප්‍රශංසා, සම සිතින් දරාගෙන, පියවරින් පියවර අවසන් ජයග්‍රහණය කරා ඉදිරියට පා තබන අපේ අනුරාධපුර රාජධානියේ උපන් කුමරියනි, ඔබට ජයෙන් ජයම වේවා..!! Anudi Gunasekara You are Absolutely beautiful in that beautiful traditional osariya! Im so excited to see your shine at Miss world 2025 in Telangana. You are so Gorgeous and thank you so much for being such a pride of our nation 👑💪🌿🌸❤ 🇱🇰


