DrDhamija1976@MissWorld profile image
May 31, 2025

රටක හදවත් දින කිහිපයක් පුරා එකම රැහැනකින් බැඳ තැබූ රජරට කුමරියට ආදරයෙනි, අනුදි, ඔබ සුරඟන දැරියක් සේ ලාලිත්‍ය ද කෝමල රේඛා ද පෙන්වමින් නොනැවතීම ගැන ස්තූතියි! මේ කුඩා දිවයින ලෝකය ඉදිරියේ ඔසවා තබන්නට ඔබේ උපරිමය ද ඊට වැඩි කොටස ද වැය කිරීම ගැන ස්තූතියි!! අවසන් මහා තරගය අවසන් වන්නේ ඔබ හිස මත කිරුළ රැඳවීමෙන් යැයි අපට සිහිනයක් තිබේ. ඒ සිහිනය යථාවක් වුවද සිහිනයක්ම වූව ද කමක් නැත. ඔබ ඔබේ කොටස අවසන් කර තිබේ.ඒ කුමරියකට රැජිනක විය හැකි බව අපට සිහි ගන්වමිනි. ඔබ පසුපස ඇවිද එන දියණියන් බිහි වෙනු ඇත. ඒ රූ රැජින කිරුළ උදෙසා පමණක් නොවේ. වෙනත් ග්‍රහලෝක වෙත පියඹා යන අජටාකාශගාමි දැරියන්ව, නව සොයා ගැනීම් කරන විද්‍යාඥවරියන්ව, වාර්තා අලුත් කරන ක්‍රීඩිකාවන්ව, ඔස්කාර් සම්මාන රාත්‍රීන්වල දිදුලන නිළියන්ව, මේ රට වඩාත් ඉහළට ඔසවා තබන රාජ්‍ය නායිකාවන්ව,විදෙස් විශ්ව විද්‍යාලවල වාර්තා පිහිටවන ආචාර්ය උපාධිධාරිනියන්ව ඔවුන් අපට හමු වනු ඇත. අනුදි, හිස කෙලින් තබාගෙන අරමුණ වෙත ඇවිද යාමේ පාඩම ලාංකීය දැරියන්ට ඉගැන්වීම ගැන ආදරයෙනි!! අද රාත්‍රිය වෙනුවෙන් ඔබට ජය! ඔබ රජරට දැරියකි. ජය ශ්‍රී මහා බෝ රජුගේ ආශිර්වාදය රටක ආදරයත් ආශිර්වාදයත් සමග මුසුව ඔබට ලැබේවා! ☘️

6
Comments
anonymous profile image
Powered by RoundtableBuilt on infrastructure designed for real-time media. Learn more at RTB.io.© Roundtable 2026. By using this site you agree to the Terms of Use and Privacy Policy