

අනුදි දිනලා ඉවරයි මට අනුවනං.... ලංකාවේ Miss World pageant එකට යන කෙනෙක් ගැන මෙච්චර කතාවක් හැදුනමයි. මීට කලින් කැරොලයින් ජූරී (Mrs. World) යන වෙලාවෙ මෙහෙම කතාවක් තිබුණා... රූපයේ ලස්සන (මූලික සුදුසුකම) කියන්නේ මාර සාපේක්ෂ සහ පුද්ගලානුබද්ද කියවීමක්. නමුත් අනුදි හැමෝගෙම favorite වෙනවා. ඒක වෙන්නෙ හැසිරීමෙන්. අනුදිගේ රූපයට වඩා වැඩියෙන් දැනෙන්නේ ඇගේ ලස්සනම හැසිරීම. ඒක මාර අමාරුයි පැහැදිලි කරන්න වචන වලින්. ඒ වගේ 'හැසිරීමක්' තියන කෙනෙක් අපිට මෙතෙක් හම්බෙලා නෑ..... දීපිකා පදුකෝන් වගේ (දීපිකා වගේ කියලා චමරි කිව්වෙ). ඒ හැසිරීමෙන් අනුදිට හදන personality එක එයාගෙ ඉතාම ලස්සන රූපයේ ලස්සන පරද්දලා ඉස්සරහට යනවා. මිනිස්සු ආදරේ වෙලා ඉන්නේ ඒකට.... ඉතිං pageant එකේ 'ලෝක රූරැජිණ' වෙන්නේ කවුරු වුණත් අපේ 'ලෝකය' ඇතුළේ අනුදි 'රූ රැජිණ' වෙලා ඉවරයි... සුබපැතුම් චූටි, ලස්සන, බුද්ධිමත්, ඉවසිලිමත්, ලස්සනටම හැසිරෙන ළමයෝ..... ඔයා දැනටම දිනලා ඉවරයි...........❤️❤️
